සජිත් දෙමළ ප්‍රශ්නයට දෙන විසඳුම කිව යුතුයි…! එහෙම නැත්නම් අපේ සහාය ලැබෙන්නේ නෑ….! – සුමන්දිරන්…

July 18, 2021 at 8:56 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය විපක්ෂය සමග කටයුතු කළ ද විපක්ෂය බලයට පත් වූ සෑම අවස්ථාවක ම තමන් දිගින් දිගට ම රැවටූ බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

ඊයේ (17) කොළඹ පැවැති සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මගින් සියලු විපක්ෂ කණ්ඩායම් කැඳවා සිදුකළ සාකච්ඡාවක දී දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මේ බව අවධාරණය කළේ ය.

දෙමළ ජාතික ප්‍රශ්නය පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ නොකරන්නේ නම් විපක්ෂය සමඟ තව දුරටත් ඉදිරියට යාමට තමන් සූදානම් නොමැති බව ද සුමන්දිරන් සඳහන් කළේ ය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂ මෙම ප්‍රකාශ සිදුකිරීම සඳහා තමා වෙත අනුමැතිය ලබා දී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. මෙම පණිවිඩය විවෘතව ප්‍රකාශ කරන ලෙසත් එය සිංහල ජනතාවටත් දැනුම් දෙන ලෙසත් තමා වෙත දැනුම් දී ඇතැයි එම්.ඒ. සුමන්දිරන් වැඩි දුරටත් සඳහන් කළේ ය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස