සජිත් දුන් පොරොන්දුව ආණ්ඩුව ඉටු කරයි..! අලුත් ජෝඩු සඳහා ඉඩම් කට්ටි 2, 000ක්!

December 22, 2021 at 6:17 pm | by emanisa.lk

අලුතින් විවාහ වූ අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාව සඳහා ඉඩම් කට්ටි 2,000ක් බෙදා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විෂය පථයට අයත් ඉඩම්, අඩු ආදායම්ලාභී කාණ්ඩයේ අලුතින් විවාහ වූ තරුණ තරුණියන් අතර බෙදා දීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී. රණවක පවසයි.

ඉඩම් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන පරිදි ලබන ජනවාරි මාසයේ සිට සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අදාළ අයඳුම්පත් ලබා ගත හැකිය.

තමා ජනාධිපති ධූරයට පත් වුවහොත් අලුතින් විවාහ වන ජෝඩු සඳහා ඉඩම් ලබා දෙන බව සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණයේ දී පොරොන්දු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *