සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා භාරගෙන තිබේ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත මේ බව දැනුම් දුන්නේය.
අනුර සජිත් විවාදය නොපැවැත්වෙන්නේ නම් ආර්ථික කමිටුව විවාදය පිළිබඳව සලකා බලන බව ද නලින්ද ජයතිස්ස මෙහිදී ප්‍රකාශ කළේය.