සජිත් තීරණාත්මක තීන්දුවක් ගන්න පාර්ලිමේන්තුවට…!

July 19, 2022 at 9:19 am | by emanisa.lk

තීරණාත්මක පියවරක් ගැනීමට තමන් පාර්ලිමේන්තුව බලා යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ පාර්ලිමේන්තුවට යන අතර ට්විටර් සටහනක් තබමිනි.

“තීරණාත්මක පියවරක් ගැනීමට මම පාර්ලිමේන්තුවට බලා ගමන් කරමින් සිටිනවා. මගේ මාතෘභූමියේ ජාතික අවශ්‍යතා සහ මගේ සහෝදර ශ්‍රී ලාංකීය ජනතාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේ දී මම නිවැරදි තීරණයක් ගන්නා බව ජනතාවට දැනුම් දීමට අවශ්‍යයි.”

මේ අතර දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ සජිත් සහ ඩලස් පාර්ශ්ව එකතු වී ජනාධිපති සහ අගමැති ධූර බෙදා ගැනීම සඳහා සාකච්ඡා සිදුකරමින් පවතින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *