අද පැවැත්වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට සමගි ජන බලවේගය ඩලස් අලහප්පෙරුමට සහාය ලබා දීම එහි සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ දැඩි විරෝධයට හේතු වී ඇත.
එම ඡන්දයට පක්ෂ නායකයාට ඉදිරිපත් වීමට පෞරුෂයක් නැත්නම් ඒ අවස්ථාව පක්ෂයේ වෙනත් අයකුට ලබා දිය යුතු තිබූ බව ෆොන්සේකාගේ අදහස වී තිබේ.
මේ නිසා ඊයේ මාධ්‍ය මගහැර පාර්ලිමේන්තුවෙන් පිටව යාමට සරත් ෆොන්සේකා කටයුතු කළේය.
පක්ෂ නායකයා ගත් තීන්දුව නිසා කලකිරුණු සරත් ෆොන්සේකා මෙන් ම තවත් පිරිසක් අද අනුර දිසානායකට ඡන්දය ලබා දීමේ සූදානමක් ඇතැයි ද වාර්තා වෙයි.