සජිත් ජනාධිපති වුණා නම් කොරෝනා දෙවෙනි රැල්ලක් එන්නේ නෑ! – මොහොමඩ් මුසාම්මිල්

July 16, 2020 at 9:53 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කර ජනාධිපති වූයේ නම් මෙරටට කොරෝනා දෙවැනි රැල්ලක් පැමිණෙන්නේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වූයේ නම් පළමු රැල්ලෙන්ම මෙරට බහුතරයක් ජනතාව මිය යනු ඇති බවත් එහෙයින් දෙවන හෝ තෙවැනි රැල්ලක් ඉන් පසු පැමිණෙන්නේ නැති බවය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ යටතේ කොරෝනා සාර්ථකව පාලනය කර ඇති බවද කී ඔහු ලෝකය තුළ තව දුරටත් කොරෝනා පවතින තත්ත්වයක් යටතේ ඉදිරියේදී නැවතත් කොරෝනා රෝගය මතු වීමේ ඉඩක් ඇතත් ඒවා ද පාලනය කරනු ඇති බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස