සජිත් ජනාධිපතිවරණේ අශූචි ගහගෙන පරාදයි! මම දිනුව තිස්සමහරාමෙත් පැරැද්දුවා! දැන් සමගි බලේ හොඳටම වැටිලා! – මර්වින් සිල්වා

June 12, 2020 at 11:44 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අවස්ථාව ලබා දුන්න ද අශූචි ගහගෙන පැරදුණු බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

එහිදී තමා ජයග්‍රහණය කළ තිස්සමහාරාමය ද පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස අනතුරුව කාලයක් සැඟව සිටි බව ද ඔහු පවසයි.

අනතුරුව විපක්ෂ නායක ධුරය දුන්න ද ඔහුගේ බල තණ්හාව නිසා එජාපයෙන් ගැලවී ගිය බව මර්වින් සිල්වා පෙන්වා දෙයි.

මේ වන විට ජාතික සමගි බලවේගයේ ජනප්‍රසාදය බිඳ වැටෙමින් පවතින බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස