සජිත් ජනපති කර සමගි බලවේග ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිරයි…! – තලතා…

October 5, 2021 at 7:53 am | by emanisa.lk

තම කණ්ඩායම අනිවාර්යයෙන් ම සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටු වන අතර ඒ ගැන කිසිවෙකුත් සැකයක් තබාගත යුතු නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල අවධාරණය කරයි.

සමගි ජන බලවේගය කැබැලි 05කට කැඩී ඇති බවට සිදුවන ප්‍රචාරය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළාය.

“පොළව පළාගෙන නාගයෙක් ආපු වෙලාවෙ ඉඳලා, ධම්මික වෙද මහත්තයාගෙ පැණියෙ ඉඳලා මේ මිත්‍යා මත මවලා මේ රටේ ජනතාව පුදුමාකාර විදියට අන්ධකාරයකට පත්කරලා තමන්ගෙ ජයග්‍රහණය තහවුරු කරගන්න ඕනෙ වුණු අය තමයි අද ඔය වගේ දේවල් අලුතින් නිර්මාණය කරන්නට ගන්නෙ.

මම බොහොම වගකීමක් ඇතිව කියනවා සමගි ජන බලවේගයේ අපි අපේ පක්ෂය හදාගෙන සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක එළියට ආවෙ කැඩෙන්න නෙවෙයි. අපි අනිවාර්යයෙන්ම අපේ නායකයාගෙ නායකත්වය යටතේ අපි සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ගැන කවුරුත් සැකයක් තියාගන්නත් එපා, පත්තරවල හෙඩ්ලයින් දානකොට මගෙ ලස්සන පින්තූරෙකුත් දාන්න කියලා මම ඉල්ලීමකුත් කරනවා”

තලතා අතුකෝරල මේ බව පැවසුවේ ඊයේ (03) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *