සජිත් ජනපති කරන්න අපි පක්ෂය තුළ අරගල කරනවා…! අපි ආණ්ඩුවට එළවන්න හදන්නේ රත්නපුරේ ලොන් හැලුණු නායකයෝ..! පුංචිනිලමේ ලා දුනේෂ් ලා වගේ අපි එළවන්න බෑ..! – හේෂා..

October 26, 2021 at 5:41 pm | by emanisa.lk

තමා සහ චමින්ද විජේසිරි ආණ්ඩුව සමඟ එක්වීමට සුදානමක් පවතින බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

මීට දින කිහිපයකට පෙර තමන් හා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත්වන බවට පක්ෂයේ මහ ලේකම් වෙත ලිඛිතව දැනුම් දුන් බවත් පක්ෂ මහලේකම්වරයා පමණක් දැන සිටි එම කාරණය මාධ්‍ය වෙතට ගියේ කෙසේදැයි වහාම සොයා බැලිය යුතු බවත් හෙතෙම පැවසිය.

එම කරුණ සම්බන්ධයෙන් විශාල කතිකාවක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් කටයුතු කරන බවට අනාවරණය වී ඇති බවත් එවැනි කුමන්ත්‍රණකරුවන් පිළිබඳව සොයාබලා අවශ්‍ය කටයුතු කරන ලෙස පක්ෂ නායකවරයාට දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“ආණ්ඩුවට මේ තොරතුරු දීලා තමන්ගේ කුණු වුණ, වැටුණු, වළේ ඉන්න දේශපාලන චරිත ගොඩ එන්න ප්‍රවෘත්තියක් බවට පත්කරගෙන. රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර දේශපාලන නායකයෝ උත්සහ කරනවා හේෂා විතානගේ පොහොට්ටුවේ මේ තනතුර ගත්තා කියලා තොරතුරු පතුරන්න.

නායකතුමාට කියනවා ඉදිරියේ දී මේ චරිත මොන ආකාරයේ නාට්‍යයක් රඟ දැක්වුවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව, සජිත් ප්‍රේමදාස කියන චරිතය සමඟ ගොනුවෙලා ඉන්න ජනතාව මේ බොරුකාරයින්ට, මේ වැඩබැරි ටාසන්ලාට අහුවෙන්නේ නෑ. ඒක පසුගිය මැතිවරණයේ දී ඔප්පු කරලා පෙන්නුවා.”

නායකයින්ගේ පණිවුඩය ගමට ගෙන යෑමට ඉඩනොදී සිටින කුමන්ත්‍රණකාරීන්ට කිසි විටෙකත් පක්ෂය තුළ සිටීමට අවස්ථාව ලබා නොදෙන බව ද හේෂා විතානගේ පැවසීය. තමන් සජිත් ප්‍රේමදාස බලයට ගෙන ඒම සඳහා පක්ෂය ඇතුළේ සටනක් පමණක් දියත් කර ඇති බවත් ජනතාව බේරගත හැකි එක ම නායකයා සජිත් පමණක් බවත් හේෂා විතානගේ අවධාරණය කළේය.

“අපි මතක් කරනවා සල්ලි මලුවලට දේශපාලනඥයෝ විකුණුන මේ ඉතිහාසයේ අපි දන්න විශාලම ගනුදෙනුව වෙච්ච දිනය තමයි එක්තරා දිනයක අද වගේ දවසක්. දින 52ක පටන් ගන්නේ අද වගේ දවසක. අද අපි කියනවා සල්ලි මලු කැරකැවුණා. ඒ දවස්වල තමයි හේෂා විතානගේලා චමින්ද විජේසිරිලා සල්ලිවලට ගන්න වාහනවල සල්ලි පුරවාගෙන ආවේ. ඔය ලොක්කෝ කෑ ගැහුවේ.

එවැනි යුගයක මේ පක්ෂය පවා නොදීපු අපි පසුගිය 20 වන සංශෝධනය වෙලාවෙත් අපිට ගැහුවා. ඔන්න හේෂයි චමින්දයි යනවා කියලා. අපිව යවන්න ඕනේ කමක් තිබ්බා. යවන්න ඕන ලොම් හැලුන නායකයින්ට කියනවා ලේසි වෙන්නේ නෑ දුනේෂ් ගංකන්දලා යවා ගත්තට මේකට හයිය දීපු පුංචිනිලමේලා යවා ගත්තට හේෂාව යවා ගන්න ලේසිවෙන්නේ නෑ කියලා පණිවුඩය දෙනවා. ලොම් හැලුණු නායකයෝ රත්නපුරයෙන් එළවන්න ඕනේ කියන තීන්දුව ජනතාව ලබාදීලා තියෙනවා.”

අද (26) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස