ඊයේ (07) ස්වාධීන රූපවාහිනියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පිටපතකට අනුව එහි සභාපති සුදර්ශන ගුණවර්ධනගේ අධ්‍යක්ෂණය යටතේ නාට්‍යයක් රඟදැක්වුණු බව සමගි ජන බලවේගයේ නලීන් බණ්ඩාර පවසයි.
එහි ප්‍රධාන නළුවා රතු අලි පැටියා යනුවෙන් ද හඳුන්වන අනුර දිසානායක බවත් සහාය නළුවා යකඩ සුදා යැයි විරුදාවලි ලද සුදර්මන් රදලියගොඩ බවත් හෙතෙම පෙන්වා දෙයි.
ආර්ථික කමිටු විවාදයෙන් පළා ගොස් සැඟ වුණු අනුර දිසානායක අශූචි නා ගත් ඌරෙකු බවත් සජිත් ප්‍රේමදාස වැනි සිංහයෙකු සුදර්මන් සහ අනුර දිසානායක සමග ඉඳ ගැනීමට සූදානම් නැති බව ද නලීන් බණ්ඩාර අවධාරණය කළේය.
අද (07) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.