සජිත් කියන්නේ කිලී මහාරාජලා නටවන රූකඩයක්! කිසිම කැපෑසිටියක් නෑ! ඒදඬුවල නැඟලා විකාර කරනවා! – සජිත්ගේ අන්තිම රෙද්දත් කඩා දමන රංජන්ගේ සංවාදය මෙන්න… (Audio)

January 8, 2020 at 2:59 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලොකු කැපෑසිටි එකක් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ ප්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු වන අමල් ජයසිංහ සමගින් කරන ලද දුරකතන සංවාදයක දී ය.

සජිත් ප්‍රේමදාසගේ ඔලුවේ කිසිත් නැති බවත් ඔහුව පාලනය කරන්නේ සිරස රූපවාහිනියේ කිලී මහාරාජා සහ මෛත්‍රී ගුණරත්න ආදීන් බවත් මන්ත‍්‍රීයරයා එහිදි පවසයි.

ඒදඬු මතින් යෑම වැනි බාල ජනප්‍රිය වැඩ පසුපස යන සජිත් ප්‍රේමදාස නායකයකු ලෙස සමාජගත කර ඇත්තේ සිරස මාධ්‍ය ජාලය විසින් බව ද ඔහු පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසට තනිව තීරණයක් ගත නොහැකි බවත් තමන් ඔහු ළඟින්ම වැඩ කර තිබෙන බවත් ඔහුට කිසිම කැපෑසිටියක් නැති බවත් සංවාදයේදී රාමනායක වැඩි දුරටත් පවසයි.

එහිදී අමල් පවසන්නේ සමාජයේ සජිත් රැල්ල ලෙස දක්නට ඇත්තේ සජිත්ට ඉල්ලුමක් නොව රනිල් විරෝධය ප්‍රකාශ වන ආකාරය බවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස