සජිත් එක්ක වැඩ කරන්න මම සූදානම්! – නවීන්

September 16, 2020 at 10:25 am | by emanisa.lk

විපක්ෂයේ වැඩ කටයුතුවලදී සමඟි ජන බලවේගය සමඟ එකට වැඩ කිරීමට තමා සූදානම් බවත් එහි කිහිප දෙනකු පසුගිය දින කිහිපය තුළ තමා සමඟ සාකච්ජා පැවැත්වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

නියෝජ්‍ය නායක ධූරය ලැබීමෙන් පසු ආශිර්වාද ලබා ගැනීම සඳහා ඊයේ (15) කොළඹ හුණුපිටිය ගංගාරාමයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා සංඝරත්නය රුවන් විජයවර්ධනට ආශිර්වාද කරමින් ආගමික වතාවත් සිදු කළහ.

“එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක් වූ අයගේ තවමත් හිතේ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්ව යෑමට තමාගේ අදහසක් නැහැ. මගේ අරමුණ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමයි. ඉතා ඉක්මනින් කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ සාකච්ඡා කර සුදුස්සකු පාර්ලිමේන්තු පුරප්පාඩුවට නම් කර යවනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස