සජිත් එක්ක ඔරුමිත්තනාඩුව හදන්න පාඨලීත් අත ඉස්සුවා! සිංහල මිනිස්සු සජිත්ට ඡන්දය දෙනවාට වඩා හොඳයි බෙල්ල කපාගන්න එක! – මහාචාර්ය චන්ද ජයසුමන

October 5, 2019 at 10:29 am | by emanisa.lk

රටේ අවාසනාවට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ 2020 අගෝස්‌තු දක්‌වා අගමැතිවරයා බවත් මේ කැබිනට්‌ මණ්‌ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක්‌ ඇතුළත නව ව්‍යවස්‌ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන (3) සවස අනුරාධපුරයේ පැවැති විද්වත් හමුවක්‌ අමතමින් පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස්‌ දැක්‌වීය.

“එක්‌සත් ජාතික පක්‍ෂ සමුළුවේදි ව්‍යවස්‌ථා යෝජනාවලට එකඟයි යනුවෙන් කට්‌ටියම උඩ දාගෙන අත ඉස්‌සුවේ. ඔරුමිත්තනාඩුව හදල දෙන්න. චම්පික රණවකත් ලැඡ්ජා නැතුව අත ඉස්‌සුවා. ඔය අත ඉස්‌සුවේ වෙන මොකකටවත් නෙවෙයි ඔරුමිත්ත නාඩුව හදන්න කැමැතියි කියන්න.

සජිත් ප්‍රේමදාස කියන්නේ බටහිරයන්ගේ බළල් පැටියෙක්‌. සිරිසේන උන්නැහේ ලව්වා බැරි වෙච්ච නිසා දැන් සජිත් ලව්වා කොස්‌ ඇට බාවන්නයි හදන්නේ. සිංහල මිනිස්‌සු සජිත්ට ඡන්දෙ දෙනවට වඩා හොඳයි සියතින් බෙල්ල කපා ගන්න එක. සජිත් කියනවා කොන්දේසි නැහැ කියලා. අප සජිත්ට අභියෝග කරනවා පුළුවන්න නම් කට ඇරලා කියන්න “මම ආවොත් ඔරුමිත්ත නාඩුව හදන්නෙ නැහැ කියල.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස