2025 මේ රටේ ජනාධිපති සජිත් බව ඉරහඳ වගේ විශ්වාසයි…! සජිත් ඊළඟ ජනපති බව සමාජගත වීම හැකි නම් වළකනු…! – මරික්කාර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්…

April 23, 2021 at 9:25 pm | by emanisa.lk

මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස බවට සමාජගත වීම හැකි නම් නතර කරන්නැයි එස්.එම්. මරික්කාර් ආණ්ඩුවට අභියෝග කරයි.

මෙවර මැයි දින තහනමේ අරමුණ කොවිඩ් පාලනය නොව සමගි ජන බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටුවන පක්ෂය බවත් සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිවරයා බවත් සමාජගත වීම වැළැක්වීම බවට ද ඔහු චෝදනා කළේ ය.

තෙවන කොවිඩ් රැල්ලක් ඒ යැයි ආණ්ඩුව බොරු බියක් සමාජගත කරන පසුබිමක මැයි දින උත්සව පැවැත්වීමට බලකිරීමට තමන්ට හැකියාවක් නැති බව ද මන්ත්‍රීවරයා කීය. මෙවර සමගි ජන බලවේග ප්‍රථම මැයි රැලිය මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් නොකළ ආකාරයට කිරීමට තමන් සැලසුම් කර තිබූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රීලනිපය ඇතුළු ආණ්ඩුවේ කොටසක් වෙනම මැයි දිනයක් පැවැත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මෙම තීන්දුව ගත්ත ද සති දෙකක් ඇතුළත සමගි ජන බලවේග ශාඛා සමිති පිහිටුවා අවසන් කර කොළඹ පවත්වන සමුළුව හැකි නම් නතර කරන ලෙස මරික්කාර් ආණ්ඩුවට අභියෝග කළේ ය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස