සජිත් ඉල්ලා අජිත් සිරිකොතේ මාරාන්තික උපවාසයකට සූදානම්!

August 26, 2019 at 10:32 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට බල කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට ඇමති අජිත් පී. පෙරේරා තීරණය කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

සතියක් තුළ සජිත් ප්‍රේමදාස මහතාව අපේක්ෂකයා ලෙස නම් කරමින් ප්‍රශ්නය විසඳන ලෙස ඔහු විසින් පක්ෂයට ලබාදුන් කාලය එළඹෙන අඟහරුවාදා, එනම් හෙට දිනයෙන් අවසන් වන අතර විසඳුමක් මෙතෙක් පෙනෙන තෙක් මානයේ නොමැති වීම මෙම තීන්දුවට හේතු වී ඇත.

ඒ අනුව බණ්ඩාරගම ආසනයෙන් දහ දහසකට අධික එජාප සාමාජිකයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිටට ගෙන්වා එහි වේදිකාවක් ඉදිකර, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද මෙම මාරාන්තික උපවාසය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස