සජිත් ඉතිහාසගත ජයක් ලබන්න නියමිත වෙලාවක එජාපය දාලා යන්න මට ඔළුවේ අමාරුවක් නෑ! – තෙවරප්පෙරුම

October 19, 2019 at 8:07 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය පෙනි පෙනී පක්‍ෂ මාරු කිරීමේ මොළයේ අමාරුවක්‌ තමනට නැතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඊයේ (18 දා) ප්‍රකාශ කළේය.

තමන් පක්‍ෂය මාරු කිරීමට සූදානම් වන බවට කළුතර දිස්‌ත්‍රික්‌කයේම එජාප ප්‍රබල නායකයන් පිරිසක්‌ කතා පතුරවමින් සිටින බව ද ඒ ඔහු පැවසීය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් කළුතර දිස්‌ත්‍රික්‌කයේ ‘පොලිකාරයන්’ සහ එජාපයේම ඇමැතිවරුන් මෙම කට කතාව පතුරුවා හැරීමට ක්‍රියා කර ඇතැයි ද තෙවරප්පෙරුම පවසයි.

සජිත් ප්‍රේමදාසට මෙවර ජනාධිපතිවරණයෙන් ඉතිහාසගත ජයග්‍රහණයක්‌ හිමිවන බවත් එවන් මොහොතක තමා හෝ කළුතර දිස්‌ත්‍රික්‌ එජාප පාක්‍ෂිකයා පක්‍ෂය හැර යනවා යෑයි ප්‍රචාරය කිරීම පටු දේශපාලන වුවමනාවක්‌ වෙනුවෙන් තම පක්‍ෂයේම ප්‍රබලයන් යැයි කියා ගන්නා පිරිස විසින් සිදු කිරීම වහා නවතා දැමිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

එජාපයට ප්‍රශ්න පැමිණි පසුගිය කාල වකවානුවේදී තමා පක්‍ෂය වෙනුවෙන් සහ කළුතර දිස්‌ත්‍රික්‌කයේ ජනතාව වෙනුවෙන් කළ කී දෑ සියලු දෙනා දන්නා බවත් දිනිය හැකි මොහොත අත ළඟට පැමිණ තිබියදී එය දමා දුවන මෝඩ දේශපාලනඥයකු වීමට තමන් සූදානම් නැති බවත් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස