සජිත් ආණ්ඩුවේ රනිල්, රවී සහ රිෂාඩ් කවුද? මගේ සහාය ඕන නම් වහාම හෙළි කරනු! – එජාප කඳවුර දෙදරවමින් ඇමති වසන්ත සජිත්ට දීර්ඝ ලිපියක් ලියයි…

October 23, 2019 at 1:59 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සිදුවන ආකාරය පිළිබඳ එජාප පිරිසක් කලකිරීමට පත්ව ඇත.

විශේෂයෙන් සජිත් විරෝධී කඳවුර නියෝජනය කළ පිරිස මෙන්ම අන්තවාදයට උඩගෙඩා දුන් පිරිස එහි ප්‍රචාරක ව්‍යාපාරය සියතට ගැනීම මීට හේතු වී තිබේ.

මේ තත්ත්වය පදනම් කරගෙන රාජ්‍ය ඇමති වසන්ත සේනානායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දීර්ඝ ලිපියක් ලියා තිබේ.

අනාගත සජිත් ආණ්ඩුවක වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමතිවරුන් වන රවී කරුණානායකගේ සහ රිෂාඩ් බදියුදීන්ගේ කාර්යභාරය පිළිබඳ ඍජු ප්‍රකාශයක් නොකරන්නේ නම් තමන්ගේ සහාය සජිත් ප්‍රේමදාසට නොලැබෙන බව එහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස