සජිත් අලියාගෙන් නැත්නම් රාජාලියාගෙන් එනවා! කුමන බලපෑම් ආවත් යටත් වන්නේ නෑ!

August 19, 2019 at 1:06 pm | by emanisa.lk

ඇමැති සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

එවක එ.ජා.ප. නායකයාව සිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම පිළිබඳව එජාපයෙන් නෙරපා දැමූ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක යන අය විසින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එජාපයට එරෙහිව දේශපාලන පක්ෂයක් ලෙස එවකට ලියාපදිංචි කරන ලදී.

එම පෙරමුණේ වත්මන් නායක ආරියවංශ දිසානායක සමග ඇමැති සජිත් ප්‍රේමදාසට හිතවත් එජාප ප්‍රබලයන් කිහිප දෙනකුම සාකච්ඡා වට ගණනාවක්ම සිදුකොට ඇති බවද වාර්තා වේ.

කුමන බලපෑමක් පැමිණිය ද ජනාධිපති අපේක්ෂකත්වය අත නාරින ලෙස ඇමති සජිත් ප්‍රේමදාසගෙන් අද (19) ඉල්ලා සිටීමට ද එජාප සජිත් පාර්ශවය තීන්දු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස