සජිත් අපේ තාත්තාට නෙමෙයි හැමදාම මටත් පරාදයි! – නාමල්

June 7, 2020 at 9:31 pm | by emanisa.lk

මෙතෙක් කල් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මෙතෙක් පැවති සියලු මහා මැතිවරණවල දී තමන්ට ද පරාජය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහුට ජනාධිපති අපේක්ෂකයා ලෙස හම්බන්තොටින් ලබාගත හැකි වූයේ 26%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව ද හෙතෙම සිහිපත් කළේය.

අනතුරුව එජාපය දෙකඩ බෙදා වෙනම කණ්ඩායමක් හදාගෙන මේ වන විට පක්ෂයෙන් එළවා දැමුවේ යැයි පක්ෂ නායකයාට බැණ වදිමින් යන බව ද ඔහු පෙන්වා දෙයි.

නියම නායකයෙක් නම් අරගල කළ යුත්තේ පක්ෂය අභ්‍යන්තරයේ බවත් එළියට පැමිණ පක්ෂය ආරක්ෂා කළ යුතු බවත් සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා එජාපය දෙකට බෙදුවේ සජිත් ප්‍රේමදාස බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *