සජිත් අපට පොරොන්දුවක් හරි දෙනවා! ගෝඨා අපට පොරොන්දුවක් දෙන්න හිතන්නෙවත් නෑ! ඒ නිසා සජිත් දිනවන්න ඕන! – සුමන්දිරන්

November 11, 2019 at 9:25 am | by emanisa.lk

හංසයාගෙන් ජනාධිපතිවරණයට එන අපේක්ෂකයා තමන්ට පොරොන්දුවක් හෝ ලබා දුන්න ද පොහොට්ටුවේ අපේක්ෂකයා එවැනි පොරොන්දුවක් ලබා දීමට සිතන්නේවත් නැති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.එ්. සුමන්දිරන් පවසයි.

යුද්ධ කාලයේ සිදුවූයේ කුමක් දැයි තමා දන්නා බවත් එහෙයින් ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාසට සහාය ලබා දිය යුතු බව ඔහු පවසයි. එසේ නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීම වැළැක්විය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස පවසන්නේ තමා කිසිවකුට කිසිදු පොරොන්දුවක් ලබා දී නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස