තමා කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් නොකළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.
වසර දෙකකට මැතිවරණ කල් දැමීම පිළිබඳ පසුගියදා මහ ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයට එල්ල වූ විවේචනවලට අද (03) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.
ඔහු පෙන්වා දෙන්නේ සමහරු තමන් විවේචනය කළ ද සිය ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි.
කෙසේ වුව ද සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක ඒ පිළිබඳ මෙතෙක් කිසිදු අදහසක් පළ කර නොමැති බවත් ඔවුන් ඊට එකඟ බව සිය විශ්වාසය බවත් පාලිත රංගෙබණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.