සජිත් අද නිර්ධනයින්ට කරන ආමන්ත්‍රණය එදා හිට්ලර් ජර්මානුවන්ට කළා! අවසානයේ මහා විනාශයක් මැදින් සමස්ත ජර්මනියම විනාශයට පත්වුණා! – ගෙවිදු කුමාරතුංග (Video)

October 27, 2019 at 8:12 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිරන්තරයෙන් තමා ආර්. ප්‍රේමදාසගේ පුතා බව පවසන බවත් ආර්. ප්‍රේමදාස යනු උතුරේ දකුණේ තරුණයන් අතිවිශාල ප්‍රමාණයක් මරණය කරා කැඳවා ගෙන ගොස් අවසානයේ ඔහු ද ඊට ගොදුරු වූ අයකු බවත් එවැනි යුගයක් සිහිපත් කිරීම පවා අතිශය භයානක බවත් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

ආර්. ප්‍රේමදාස යුගය මේ රටේ අඳුරුතම යුගයක් බව පෙන්වා දුන් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ප්‍රේමදාසගේ ආරක්ෂක ඇමතිවරයා මෙන්ම ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න ආදීන් අභිරහස් ලෙස මරා දැමූ බවත් එම ඝාතන ආණ්ඩුව කළ බවට චෝදනා ඇති බවත්ය. එදා එජාපයේම ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක ප්‍රේමදාසට එරෙහිව කැරලි ගැහුවේ මේ ඒකාධිපති වියරුවට එරෙහිව බවත් ඔහු සිහිපත් කළේය.

අද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිර්ධන පන්තියට සිදුකරන ආමන්ත්‍රණය එදා ජර්මනියේ හිට්ලර් එරට නිර්ධනයන්ට සිදුකළ ආමන්ත්‍රණයට සම්පූර්ණයෙන්ම සමාන බව පෙන්වා දෙන හෙතෙම එය අවසානයේ ජර්මනියට මහා විනාශයක් සිදුකළ බව ද අවධාරණය කරයි.

එකල හිට්ලර්ගේ රහස් හමුදා මෙන්ම ප්‍රේමදාසගේ රහස් හමුදා ක්‍රියාත්මක වූ බවත් සජිත් ප්‍රේමදාස නැවත ගෙන ඒමට උත්සාහ කරන්නේ එවැනි ඒකාධිපති ෆැසිස්ට් පාලනයක් බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙයින් සජිත් ප්‍රේමදාස පරාජය කිරීම ජාතිකවාදීන්ගේ දේශප්‍රේමීන්ගේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අයගේ ද ඒකමතික තීන්දුව විය යුතු බව ගෙවිඳු කුමාරතුංග සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස