සජිත්ලා දුප්පත්කම කවදාවත් නැතිකරන්නේ නෑ! දුප්පත්කම තිබුණොත් විතරයි ඒක විකුණං කන්න පුළුවන්! – ටිල්වින්

October 24, 2019 at 12:40 pm | by emanisa.lk

රටේ ආණ්ඩු බලයේ සිටි හා බලයේ සිටින පාලකයන්ට ජනතාවගේ දුප්පත්කම නැතිකිරිමට අවශ්‍යතාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඊයේ (23) පැවති වැඩ සටහනකට එක් වෙමින් ඒ ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ දිනවල දුප්පත්කම නැති කරන බව සජිත් ප්‍රේමදාස පවසන බවයි.

දුප්පත්කම තිබුණොත් පමණක් එය විකිණිය හැකි බවත් ඔවුන් කිසි දිනක දුප්පත්කම නැති කරන්නේ නැති බවත් ඒ මහතා පැවසීය.

එනිසා සදාකාලිකව දුප්පත්කම තියාගෙන එය විකුණ විකුණා ඔවුන් ඡන්දය ලබා ගන්නා බවත් පැවසු ඒ මහතා, සිමෙන්ති කොට්ටයකට, තහඩු ටිකකට මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඔවුන් දුප්පත් නිසා බවද කියා සිටියේය.

මෙය පමණක් නොව සජිත් මේ දිනවල තවත් බොරුවක් පවසන බව කියා සිටි ටිල්වින් සිල්වා මහතා, ඔවුන්ගේ රජයක් පැමිණි පසු සමෘද්ධියට අමරතව ජන සවියත් ලබා දෙන බව පැවසීය.

මෙය පරස්පර කථාවක් බවත් පැවසු හෙතෙම, සමෘද්ධිය ලබා දෙන්නේ වත්කම් නැති අයට බවත්, දුප්පත්කම නැති කරන්නේ නම් සමෘද්ධිය හා ජනසවිය ලබා දීමේ ප්‍රතිඵලය කුමක් දැයි මෙහිදී අසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස