සජිත්ලගේ කොළඹ වටලන වැඩේ හබක්…! රට ම රෝගී ප්‍රදේශයක් ලෙස ගැසට් කෙරේ.. අයුතු ජන රාශීය තහනම්…!

November 11, 2021 at 9:48 pm | by emanisa.lk

නිසි බලධාරියකුගේ අවසරයකින් තොරව ජනතා ඒකාරාශිවීම් සහ රැස්වීම් පැවැත්වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එවන් අවසරයකින් තොරව ජන ඒකාරාශිවීම් හා රැස්වීම් පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

දැනට සමස්ත ශ්‍රී ලංකාවම කොවිඩ් -19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස මෙමගින් නම් කර ඇත.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් මෙම අතිවිශෙෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස