ජනාධිපති අපේක්ෂකයෙකුට නාම යෝජනා භාර දීම සඳහා මැතිවරණ කොමිසන් සභා කාර්යාලයට කැඳවා ගෙන යා හැක්කේ නාම යෝජනා පත්‍රයේ අත්සන් කළ තැනැත්තා සහ තවත් එක් ආරාධිතයකු පමණක් බව ජනාධිපති අපේක්ෂක ඕෂල හේරත් පවසයි.
කෙසේ වුව ද සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඥාතීන් ඇතුළු 12 දෙනෙකු එහි රැගෙන ගොස් තිබූ බව ඔහු පෙන්වා දෙයි.
ඒ අතර රංජිත් මද්දුමබණ්ඩාර, සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ජි.එල්. පීරිස්, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, එරාජ් (නගරාධිපති), ජනාධිපති නීතිඥ ෆර්මන් කාසිම් ඇතුළු ජලනි ප්‍රේමදාසගේ ඥාතියෙකු ද වන බවයි, ඕෂල හේරත් පවසන්නේ.
මේ අනුව අමතර පුද්ගලයන් 10 දෙනෙක් මැතිවරණ ලේකම් කාර්යාලයට රැගෙන යාමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තවත් අපේක්ෂකයන් 5 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති බවත් ඒ එක් අයෙකුට මිලියන 200 බැගින් ජනතාවට මැතිවරණ වියදම් ලෙස අතිරේඛ රුපියල් බිලියනක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඕෂල හේරත් මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.