ඉදිරි ජනාධිපතිවරණයෙ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
ඔහු පැවසුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස් වූ අතර ඊට සහභාගී වීමට නොහැකි බව තමන් මීට පෙර දැනුම් දුන් බවයි.
මෙවර ජනාධිපතිවරණයේ දී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙසත් අවසන් තීරණයක් නොගන්නා ලෙසත් තමන් පක්ෂය දැනුම්වත් කර තිබූ බව ද සේනාධිරාජා මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ඊයේ පැවති මධ්‍ය කාරක සභාවේ දී ඉලංගෙයි තමිල් අරසු කච්චි ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා මේ බව සඳහන් කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය පක්ෂය යම් අපේක්ෂකයෙකුට සහාය ලබා දෙන්නේ නම් එය සිදුකරන්නේ කුමන පදනමක් මත ද යන්න තීරණය කළ යුතු බවත් පක්ෂයේ නායකයා ලෙස තමන් එය දැනුම්වත් වියයුතු බවත් ය.
මධ්‍ය කාරක සභාව ගත් මෙම තීරණය ඒකපාර්ශ්විකව ගත් තීරණයක් බවත් එම තීන්දුව පිළිබඳ තමන් දැනුම්වත් නොකර මාධ්‍යට පැවසීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් ඔහු පවසයි.