සජිත්ට විපක්ෂ නායකකම ඉල්ලා යැවූ අත්සන් ලේඛනය බොරුවක්! සජිත්ගේ රාත්‍රී සාදයට ගිය මන්ත්‍රී පිරිස රවටා අත්සන් අරන්!

November 29, 2019 at 8:53 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරයට පත් කරන ලෙසට ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කරමින් කථානායක කරු ජයසූරියට යවන ලද ලිපිය ව්‍යාජ එකක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී හෙළිදරව්වක් කොට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ලේඛනයට අත්සන් කළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමාට කතා කළ බවත් ඔවුන් විපක්ෂ නායක ධුරයක් සම්බන්ධයෙන් කිසිදු දෙයකට අත්සන් නොකළ බවට තමාට ප්‍රකාශ කළ බවද රනිල් වික්‍රමසිංහ විසින් මෙහි දී පෙන්වා දී ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරාධනා කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට ගිය අවස්ථාවේදී ඊට සහභාගි වූ බවට ලබාගත් අත්සන් ලේඛනයකට ඔවුන් අත්සන් කර ඇති බවත් එම අත්සන් ලේඛනය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස පත්කරන ලෙසට සකස් කරමින් කතානායකතුමාට ඉදිරිපත් වී ඇති බවත් ඔවුන් පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධය ප්‍රකාශ කරන බවත් රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙහිදී ප්‍රකාශ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස