සජිත්ට වඩා මගේ හතරේ පොඩි එකාට ඡන්දේ දෙන එක හොඳයි…! – තිස්ස කුට්ටිආරච්චි…

August 28, 2024 at 1:35 pm | by emanisa.lk

අප්පච්චිගේ මුහුණ පෙන්වා පාර්ලිමේන්තු පැමිණි කුරුණෑගල පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් රනිල් බාප්පා ළඟට ගිය බව තිස්ස කුට්ටිආරච්චි පවසයි.

පසුගිය සමයේ සියලු ජනාධිපති මන්දිර සංචාරක හොටෙල් කරන බව සඳහන් කළ අනුර දිසානායකට මේ වන විට ජනාධිපති උෂ්ණේ දැනී ඇති බවත් දැන් කොළඹ මන්දිරේ පමණක් රාජතාන්ත්‍රික තබා ගන්නේ යැයි ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාසට ඡන්දේ දීමට වඩා සිය 4 වසරේ සිටින පුතාට ඡන්දයක් දීම හොඳ යැයි ද තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල මාවතගම ජනරැලිය අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *