සජිත්ට බැරි නම් රනිල් හරි පාඨලී හරී අරගලයට නායකත්වය දී ආණ්ඩුව පැන්නිය යුතුයි…! – රවී කුමුදේශ්…

April 25, 2022 at 7:56 am | by emanisa.lk

විපක්ෂයේ සියලු පක්ෂවල එකමුතුවකින් තොරව තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

මේ වන විට රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව වත්මන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පළවා හැරීම සඳහා මහ පාරේ අරගලය අඛණ්ඩව සිදුකරමින් සිටියත් ඊට අදාළව පාර්ලිමේන්තුව තුළ කිසිවක්ම සිදුනොවන තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ තරුණ අරගලය පාර්ලිමේන්තුව තුළින් ජයග්‍රහණය කරා ගෙන යන ලෙස වෘත්තීය සමිති ඇතුළු සියලුම පාර්ශ්ව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට බලපෑම් කළ යුතු බවත් රවී කුමුදේශ් සඳහන් කළේය.

විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සටනට නායකත්වයක් දෙන බවක් මෙතෙක් පෙන්නුම් කර නොමැති බව සිහිපත් කළ කුමුදේශ්, විපක්ෂ නායකවරයා මීට මැදිහත් නොවන්නේ නම් විපක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ හෝ චම්පික රණවක හෝ වෙනත් කවර හෝ නායකයකු හෝ ඉදිරියට පැමිණ විපක්ෂයේ සියලු බලවේග එකතුකර වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉවත් කිරීමට කටයුතු කළයුතු බවයි, ඔහු අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *