සජිත්ට පස්සේ ගිය තවත් අලි රෑනක් නැවතත් රනිල්ට….! එජාපය නැවත දිනවන්න සූදානම්….!

June 29, 2021 at 5:04 pm | by emanisa.lk

සමගි ජන බලවේගයට සහාය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු අද (29)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එජාප මහලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු සිටි බවත් එයින් දොළොස් දෙනකුම නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවත්, එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

අද (29) ගෙලිඔය පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් පැවසූයේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් වන තමන්ට අලියා ලකුණ හෝ පක්ෂය හෝ අමතක කරන්නට කිසි දිනක නොහැකි බවය.

ඉදිරියේ දී සියලු අඩුපාඩු හදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවත්
පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීමට සිදු වුයේ ආසන සංවිධායකවරයාගේ තීරණය නිසා බව ද මන්ත්‍රීවරු කීහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *