සජිත්ට පක්ෂ නායකත්වය නොදෙන්න රනිල්-කරූ එක්වෙයි!

December 23, 2019 at 6:00 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස එළඹෙන මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නේ නම් පක්ෂ නායකත්වය ද උවමනා බව ප්‍රකාශ කළ ද එජාප නායක රනිල් වික්‍රමසිංහ ඒ සඳහා කටයුතු නොකර කල් මරමින් සිටින බව සජිත් පාර්ශවය චෝදනා කරයි.

සජිත් පක්ෂ නායකත්වයට පත්වීම වැළැක්වීමේ කුමන්ත්‍රණයට සඳහා රනිල් වික්‍රමසිංහට කතානායක කරූ ජයසූරියගේ සහාය ද ලැබෙන බවත් එම පාර්ශවය පවසයි.

මේ වන විට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා විය යුතුය යන ස්ථාවරයේ සිටිය ද එහි නිල කාලය දෙසැ. 31 අවසන් වෙයි.

ඉන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් 20 දෙනෙකු පත්කර පක්ෂ නායකත්වය රැක ගැනීමට රනිල් සුදානමින් සිටින බවත් එසේ කළහොත් ඊට එරෙහිව කටයුතු කරන බවත් සජිත් පාර්ශවය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස