පහුගිය යහපාලන ආණ්ඩුව සහරාන්ලට නිදහසේ වැඩෙන්නට ඉඩ දුන් බවත් තව දුරටත් එම ආණ්ඩුව තිබුණේ නම් සහරාන්ලා දළදා පෙරහැරට හෝ පන්සලකට ඊළඟ ප්‍රහාරය එල්ල කරන බව ඇමති විමල් වීරවංශ පවසයි.
අද ඒ සියල්ල පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන බව සඳහන් කළ ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ සහරාන්ලගේ අන්තවාදය ආරක්ෂා කළ සියලු දේශපාලකයන් අද ළඟ තබා ගෙන සිටින්නේ සජිත් ප්‍රේමදාස බව ද අනාවරණය කළේය.
එහෙයින් සජිත් ප්‍රේමදාසගේ පක්ෂයට ලබා දෙන ඡන්දය සහරාන්ලට පණ දීම වෙනුවෙන් දෙන ඡන්දයක් බව ද ඔහු සඳහන් කළේය.