සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය තියා අගමැතිකමවත් දෙන්නේ නෑ! එයා කකුල පස්සට ගන්නේ නැත්නම් දැන් ඉන්න තැනම ඉන්න පුළුවන්!- සරත් ෆොන්සේකා

September 8, 2019 at 8:05 am | by emanisa.lk

පසුගියදා එජාප ජ්‍යෙෂ්ඨයන් අරලියගහ මන්දිරයට කැඳවා සාකච්ඡා කළේ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේය යන ස්ථාවරයෙහි සිට බව පාර්ලිමේන්තු මන්ත්‍රීි සරත් ෆොන්සේකා පවසයි.

එහි දී සජිත් ‍ප්‍රේමදාසට අගමැති ධුරය ලබා දීමට කිසිදු සාකච්ඡාවක් හෝ පොරොන්දු වීමක් සිදු නොවූ බව ද ඒ සඳහා තමන් කැමති නැති බව ද ඔහු සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට උවමනා නම් වෙනත් විකල්පයක් සොයා ගැනීමට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සජිත් ප්‍රේමදාස ඉදිරියට තැබූ කකුල පස්සට නොගන්නේ නම් ඔහුට එතැනම නැවතී සිටිය හැකි බවත් පක්ෂය තීන්දුවක් ගෙන ඉදිරියට යනු ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස