සජිත්ට ඡන්දේ දීම අනුරට උදව් කිරීමක්…! – රනිල්…

September 5, 2024 at 3:35 pm | by emanisa.lk

සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් සජිත්ට ඡන්දය දීමෙන් සිදුවන්නේ ඡන්දය අපතේ යෑම පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සජිත් ප්‍රේමදාසට අනුර දිසානායක පරාජය කළ නොහැකි බවයි.

ඉතිහාසයේ කිසිදු විපක්ෂ නායකවරයකු තමන් ඉක්මවා යාමට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට ඉඩ නොදුන්න ද සජිත් ප්‍රේමදාසට එය කළ නොහැකි වූ බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.

උදේට පාර්ලිමේන්තුවට පැමිණ පැයක් තිස්ස් විකාර දොඩවන සජිත් ප්‍රේමදාස අවසානයේ සියයට තුනක සිටි අනුර දිසානායක තමන්ට තර්ජනය වන මට්ටමට වර්ධනය කරගත් බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

එහෙයින් සජිත් ප්‍රේමදාසට කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයකු ඡන්දය නොදිය යුතු බවත් ඔහුට ලබා දෙන සෑම ඡන්දයක් ම අනුර දිසානායකට ලබා දෙන ඡන්දයක් බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

යාපහුවේ ඊයේ (05) පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලියක් අමතමින් රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *