සජිත්ට ඡන්දේ දීම අනාගත පරපුරට කරන ද්‍රෝහීකමක්…! – සජබ සභාපති…

June 20, 2024 at 5:58 pm | by emanisa.lk

තමා කොළඹ කැසිනෝකාරයින්ගෙන් සහ ජාවාරම්කාරයින්ගෙන් මුදල් ලබා ගෙන පාසල් සහ ඉස්පිරිතාලවල බඩු බෙද බෙද නොයන බව සමගි ජන බලවේග සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එලෙස බඩු බෙදා ජනතාව පැතූ වෙනස මෙය නොවේදැයි සභාව අමතමින් අසන බව ද හෙතෙම කීය.

මෙවැනි තකතිරු නායකයන් පක්ෂ නායකයන් වූ පළියට රටේ නායකත්වයට පත්කළහොත් කවදාවත් රට මේ අපායෙන් ගොඩගත නොහැකි බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කැසිනෝකාරයින්ගේ ජාවාරම්කාරයින්ගේ මුදල් බෙදන අයට ඡන්දය ලබා නොදෙන ලෙසත් එසේ ඡන්දය ලබා දීම අනාගත පරපුරට කරන ද්‍රෝහීකමක් බවත් සරත් ෆොන්සේකා සඳහන් කළේය.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *