සජිත්ට ගෝඨා තරම් වාසිදායක අපේක්ෂකයෙක් වෙන නෑ! ඒ නිසා ගෝඨා එනවාට අපි කැමතියි! – මනූෂ

October 4, 2019 at 6:43 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ යනු එක්සත් ජාතික පක්ෂයට ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා බවත්, මේ නිසා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සජිත් ප්‍රේමදාසට වඩාත් වාසිදායක බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

“මේ ලෝක ඉතිහාසයේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන, මෙතරම් චෝදනා තිබෙන, මෙතරම් රාජ්‍ය දේපල අව භාවිත කරපු වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ලෝකයේ නෑ.

මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙට එනවට අපි කැමැතියි. ගෝඨාභය රාජපක්ෂ තරම් වාසිදායක අපේක්ෂකයෙක් තවත් නැහැ. ඒ නිසා ගෝඨා ඡන්දෙට එනව අපි කැමැතියි. අපිට හොදම අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ තමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස