සජිත්ට කැමති ගමේ පහළ මට්ටමේ අය විතරයි! නායකයා බිත්තියට හේත්තු කරලා ලොක්කා වෙන්න එන්න එපා! – ඇමති රාජිත සජිත් පිල පතුරුහරිමින් අරලිය මැදුරේ මාධ්‍ය හමුවක….

August 30, 2019 at 12:37 pm | by emanisa.lk

හන්දි ගානේ රැස්වීම් තබා පක්ෂ නායකයා විවේචනය කර පක්ෂ නායකත්වය ඉතිහාසයේ කිසිවකු ගෙන නැති බවත් එවැනි කටයුතු සෑමදාම අසාර්ථක වූ බවත් ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඇමති මංගල සමරවීර විසින් සජිත් ප්‍රේමදාසට එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ 2/3ක කැමැත්තක් ඇතැයි පැවසුව ද එම කණ්ඩායම නියෝජනය කරන තමන් එවැන්නක් නොදන්නා බව ද ඔහු හෙළි කරයි.

රටේ ජනතාවට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට බවත් අජිත් පී. පෙරේරාලාට උවමනා ගෝඨාභය පරාජය කිරීමට ද එජාපය පරාජය කිරීමට ද යන ප්‍රශ්නය පැන නඟින බව ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.

සජිත් ප්‍රේමදාසට එජාප ගම් මට්ටමේ පහළ මට්ටමේ බහුතරයක් තිබුණ ද නාගරික ජනතාව, මැද පන්තිය සහ උතුරේ ජන මතය ද එහි දී විමසා බැලිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු ඊයේ (29) මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස