සජිත්ට කඩේ ගිය චන්ද්‍රිකාට ශ්‍රීලනිප බලය අහිමි වෙයි! පක්ෂ සංවිධායකවරු විරෝධය පා මූලස්ථානයෙන් පිටව යති!

January 7, 2020 at 9:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (7) පැවැත්වීමට නියමිතව තිබූ එම පක්‍ෂ දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනාරාධිතව පැමිණීමෙන් ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා රැස්වීම අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ.

පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර මෙම කලබලකාරී තත්ත්වයෙන් පසු හිටපු ජනාධිපතිවරයා ද එහි පැමිණ නොමැත.

හිටපු ජනාධිපතිනියගේ පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පා එහි පැමිණ සිටි සංවිධායකවරුන් එතැනින් ඉවත්ව ගොස් ඇති අතර අවසානයේ හිටපු ජනාධිපතිවරිය ද එතැනින් පිටව ගොස් තිබේ.

පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම රැස්වීම සංවිධානය කර තිබූ බවත් එයට සහභාගී වන්නන් වෙනුවෙන් උදාවූ නව වසර නිමිති කරගනිමින් කිරිබත්, කැවුම් මේසයක්ද සූදානම් කළ බවත් පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

එයට පක්‍ෂයේ සියලූ මැති ඇමැතිවරුන්ට හා සංවිධායකවරුන්ට ආරාධනා කර තිබූ බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

එහෙත් ආසන සංවිධායකවරුන් හිටපු ජනාධිපතිනියට විරෝධය දක්වා ඇති අතර ඇය විරෝධතා නොතකා එම ස්ථානයේ රැඳී සිට ඇත.

පසුව ඇය සිටින ස්ථානයක තමන් නොරැදෙන බව පවසමින් එම ආසන සංවිධායකවරුන් එතැනින් පිටව ගොස් තිබේ.

ශාලාවේ සිටි පිරිස එතැනින් ඉවත්ව ගිය පසු හිටපු ජනාධිපතිනිය ද එතැනින් පිටව ගොස් ඇති අතර රැස්වීමේ කටයුතු ද පැවැත්වීමට නොහැකි වී ඇත.

මෙම විරෝධයට හේතුව පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂ තීන්දුවට අවනත නොවී චන්ද්‍රිකා කුමාරතුංග එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස