සජිත්ටත් දූෂණ චෝදනා! රූපවාහිනියට මිලියන 103ක පොල්ලක්! වහාම පරීක්ෂණ ඇරඹෙයි!

January 1, 2020 at 2:28 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස නිවාස සහ ඇමති ධූරය දරන කාලයේදී ගම්උදා වැඩපිළිවෙළ සඳහා ප්‍රචාරක දැන්වීම්වලට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මෙතෙක් මුදල් ගෙවා නොමැති බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙස ඇමැති බන්දුල ගුණවර්ධන රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී ඇත.

ඊයේ (31) දිනයේ එම සංස්ථා පරිශ්‍රයේ නිරීක්ෂණයක යෙදෙන අතර ඇමතිවරයා මෙම දැනුම් දීම කර තිබේ.

සජිත් ප්‍රේමදාස ප්‍රචාරක දැන්වීම් සඳහා රු. මිලියන 103ක් රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු ඇති බව එහි නිලධාරීන් හෙළිකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස