සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කිරීමේ සැලසුමක් ක්රියාත්මක බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සරත් ෆොන්සේකා යළි කරළියට ගෙන ඒම සඳහා ඔහුගේ අතිශය සමීපතමයෙකු වන සේනක ද සිල්වා සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.
2010 ජනාධිපතිවරණය සඳහා සරත් ෆොන්සේකා ගෙන ඒමේ දී ද විශාල කාර්යභාරයක් මොහු ඉටු කළ අතර සරත් ෆොන්සේකාගේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේ ය.