සජිත්ගේ සහායට හරීන් ඇමති ධුරය අත හරී! එජාප තනතුරුත් අතහරී!

November 17, 2019 at 1:17 pm | by emanisa.lk

මහජන තීන්දුවට ගරු කරමින් ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු අද (17) දහවල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින්ද ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු නිවේදනය කරයි.

“මගේ ධූර කාලය ඇතුළතදී මට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මා විසින් කරන ලද හොඳ දේවල් දිගින් දිගටම පවත්වාගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා” යයිද ඔහු සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබේ.

නව ආණ්ඩුවක් පත් වූ වහාම ඔවුන්ගේ ඇමති ධුර ඔහු ඉල්ලා අස් නොවුණ ද අහමි වීමට නියමිත බව විචාරකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස