සජිත්ගේ සමගි බලේ ජාතිවාදී කල්ලියක් වෙලා! උස හීන්දැරී නායකයෙක් මේ පිටුපස ඉන්නවා! – මංගල

June 18, 2020 at 3:16 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා එක්ව සිටින තවත් දේශපාලන පක්ෂ නායකයෙකුට හිටපු ඇමැති මංගල සමරවීර දැඩි චෝදනා එල්ල කර ඇති බව සව්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එහි වාර්තාවක දැක්වෙන්නේ සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂ දැක්මෙන් වේගයෙන් බැහැරට යමින් ජාතිවාදී කණ්ඩායමක් බවට පත්වෙමින් ඇති බව ඔහු පක්ෂ නායකයා වෙත දැනුම්දී ඇති බවයි.

එවන් කණ්ඩායමක සාමාජිකයෙක් වීමට උවමනා අයෙකු වෙතොත් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෝ රාජපක්ෂ පවුල සමග එක් වූවාට කමක් නැති බවට සමරවිර මහතා සඳහන් කර ඇතැයිද සමරවීර පවසා ඇත.

එනිසා තවත් එවැනි ඩුප්ලිකේට් කණ්ඩායමක් පසුපස යාමේ උවමනාවක් නොමැති බවද සමරවිර සඳහන් කර තිබේ.

අදාළ චෝදනාව එල්ල වන දේශපාලන පක්ෂ නායකයා තම මැතිවරණ ව්‍යාපාරය සජිත් ප්‍රේමදාස මහතා ද සමගි ජන බලවේගයද පසෙකට කරමින් දියත් කරමින් සිටින බවටද ඔහු චෝදනා එල්ල කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස