සජිත්ගේ සමගි බලේට ගිය එජාප මන්ත්‍රී 2000ක් පන්නයි! හරීන් තලතා චන්ද්‍රාණිගේ තනතුරු අහෝසියි!

March 3, 2020 at 8:19 am | by emanisa.lk

ඊයේ (2) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ආරම්භ කළ සමගි ජන බලවේගයේ උත්සවයට සහභාගී වූ එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් 2000ක් පක්ෂයෙන් නෙරපා දැමීමට එජාපය තීන්දු කර තිබේ.

එසේම හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරල, චන්ද්‍රාණි බණ්ඩාර ආදීන් මෙතෙක් එජාපයට අනුබද්ධ වෘත්තීය සහ කාන්තා සමිතිවල දැරූ තනතුරු නවීන් දිසානායක ඇතුළු එජාප පිරිසකට පවරා තිබේ.

පක්ෂයේ මාධ්‍ය කටයුතු රාජිත සේනාරත්න, ආශු මාරසිංහ ඇතුළු පිරිසකට ලබා දී ඇතැයි ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස