සජිත්ගේ සන්ධානයට ශ්‍රිලනිප පළුවක් මෛත්‍රීත් එක්වෙයි!

January 31, 2020 at 6:23 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉතා නුදුරේදී නව දේශපාලන සන්ධානයක් ගොඩ නගන බව සජිත් පාර්ශවය සින් සිය දෙවැනි පෙල නායකයන්ට දැනුම් දී තිබේ.

එම නම සන්ධානයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ‍්‍රීලනිප කණ්ඩායමක ද සහාය ලැබෙන බව කළුතර හා හම්බන්තොට ඇතැම් ස්ථානවල දී ඔවුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවෙයි.

රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියට යාමට නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මී ළඟ මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගන්නා බවටත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ ජනාධිපති මෛතීපාල සිරිසේන විසින් අගමැති ධුරය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාසට සිය වාරයක් පමණ ආරාධනා කළේ යැයි එකල මාධ්‍යවල පළ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස