සජිත්ගේ මොළේ පරික්ෂා කළ යුතුමයි…! අනුරගේ යෝජනාව එජාපය ස්ථිර කරයි…

September 14, 2021 at 1:10 pm | by emanisa.lk

කොවිඩ් මර්දනය සඳහා ආණ්ඩුව මෙන් ම විපක්ෂයත් ඔවුන්ගේ බලතල හරියට පාවිච්චි කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ආශු මාරසිංහ පවසයි.

ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද කරන්නේ කොවිඩ් මර්දනය පසෙක තබා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම පමණක් බව කී ආචාර්ය මාරසිංහ වසංගතයක් පැතිරෙන මොහොතක මැතිවරණයක් පැවැත්විය යුතු යැයි කී විපක්ෂ නායකවරයාගේ මොළේ පරික්ෂා කළ යුතු බව ද සඳහන් කළේය.

මැති ඇමැතිවරුන් සහ නිලධාරින් මාරු කිරීමෙන් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බව ද ආචාර්ය ආශු මාරසිංහ වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *