සජිත්ගේ බඩු බෙදිල්ලක් මැකො නවතයි! බඩුත් උස්සන් සංවිධායකලා ආපසු යති!

June 23, 2020 at 5:31 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිෂන් සභා විසින් අත්හිටුවනු ලැබීය.

පොස්ගස්ඔ්විට දිසා රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට සූදානම් කර තිබූ උත්සවයක් මෙසේ අවලංගත කර ඇත.

පෙරවරු 10.00ට උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් දැනුම් දෙන ලද්දේ උත්සවය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසන් සභාව උපදෙස් නිකුත් කර ඇති බවයි.

කොමිෂන් සභාව මේ බව පොලිසියට දන්නවද ලිපියද සංවිධායකටන්ට ඇසෙන ලෙස පොලිසිය එහිදී කියවන ලදී.

කෙසේ නමුත් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් හා දේශපාලඥයන්ගේ සහභාගිත්වයකින් තොරව අදාළ පරිත්‍යාගයන් කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව විසින් සංවිධායකයන්ට අවසර දී තිබින.

නමුත් ඊට එකඟ නොවූ සංවිධායකයන් භාණ්ඩ රෝහලට පරිත්‍යාග නොකර නැවත රෝහලෙන් පිටතට ගෙන යන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස