සජිත්ගේ පරාජය නියතයි! ඇමරිකානු බුද්ධි අංශ තහවුරු කරයි! මිලේනියම් ගිවිසුම කඩිමුඩියේ ආවේ ඒකයි!

November 6, 2019 at 12:56 pm | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළඹෙන ජනාධිපතිවරණයේ දී නියත ලෙසම පරාජය වන බව ඇමරිකානු බුද්ධ අංශ විසින් අනාවරණය කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ජනාධිපතිවරණයට දින ගණනක් තිබිය දී රනිල් වික්‍රමසිංහ ලවා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කර ගැනීමට ඇමරිකාව බලපෑම් කරන්නේ ඒ නිසා බව මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බව ඇමරිකානු ඔත්තු සේවා වාර්තා කර ඇත්නම් ගිවිසුම සජිත් රනිල් නව ආණ්ඩුව යටතේ අත්සන් කර ගැනීමට හැකි වුවද එජාපය පරාජය වී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් ඊට අවස්ථාවක් නොලැබෙන බව හෙතෙම අවධාරණය කරයි.

එසේ නොවන්නේ නම් මහා සංඝ රත්නය, කාදිනල්තුමා ඇතුළු ආගමික නායකයන් ද වෘත්තිකයන් ද මෙම ගිවිසුමට එරෙහි වන පසුබිමක සජිත් ප්‍රේමදාස විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව පවසමින් තකහනියේ මෙම ගිවිසුම අත්සන් කිරීමට හේතු මොනවා දැයි එජාප නායකයන් පැහැදිලි කළ යුතු බව ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස