සජිත්ගේ පරාජයට වගකිව යුතු අටමහ හේතු මෙන්න!

December 18, 2019 at 11:38 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය වීමට හේතු 08ක් බලපෑ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

ඒ හේතු මේසේය.

1. 2015 වසරේදී හොරු අල්ලන බව කියමින් බලයට පැමිණියත් එක හොරෙකුවත් නොඇල්ලීම සහ මහබැංකු බැඳුම්කර චෝදනාවට ආණ්ඩුව ලක්වීම

2. තමන් බලයට ගෙන ඒම සඳහා ප්‍රචාරණ කටයුතු සිදුකළ, ඒ නිසාම පහරකෑමට පවා ලක්වූ පාක්ෂිකයින්ට රැකියා, සමෘද්ධි ලබා නොදීම, පක්ෂ නායකත්වයට ඒ ගැන කැක්කුමක් නොතිබීම

3. මහා සංඝරත්නය අගෞරවයට පත් කිරීම

4. ආණ්ඩුව විශාල වැඩ කොටසක් සිදුකළ නමුත් ඒවාට අදාළව ප්‍රචාරණය ලබා නොදීම

5. ප්‍රතිවාදී අපේක්ෂකයා වසර දෙකක සිට ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී සජිත් ප්‍රේමදාසට අවසන් මොහොත තෙක්ම අපේක්ෂකත්වය ලබා නොදීම

6. තැපැල් ඡන්දයට පෙර දා කළ ප්‍රකාශය

07. ජනාධිපතිවරණයට සතියක් තිබියදී මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම කරළියට ගෙන ඒම

08. ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂය විසින් අරමුදල් සපයා නොදීම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස