සජිත්ගේ තවත් සමුළුවක් සෙනඟ නැතිව අසාර්ථකයි! (photos)

November 7, 2019 at 3:56 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ සමීපතමයන් පිරිසක් විසින් සංවිධානය කළ තවත් ජනාධිපති අපේක්ෂක හමුවක් සැලකිය යුතු පිරිසක් සහභාගී නොවූ නිසා අසාර්ථක වී තිබේ.

අද (07) උදෑසන 9-11 දක්වා කොළඹ ගෝල්ෆේස් හෝටලයේ සංවිධානය කර තිබූ මෙම හමුව සඳහා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජනතා ව්‍යාපාරයේ අනුර දිසානායක ආදීන් සහභාගී වුවද ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූයේ නැත.

දිනේෂ් වීරක්කොඩි ඇතුළු එජාප හිතවතුන් පිරිසක් සංවිධානය කළ මෙම හමුව WHAT LIES AEHEAD – FIRESIDE CHAT WITH THE PRESIDENTIAL CANDIDATES යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සුපුරුදු ලෙස සිය මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගී වනු දැකගත හැකි විය.

ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සංවිධානය කළ ධීවර සමුළුව, ගුරු වෘත්තීය සමුළුව ඇතුළු ජනහමු ගණනාවක් ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවීම නිසා අසාර්ථක වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස