සජිත්ගේ ජයග්‍රහණය තහවුරු වී අවසන්! – ඇල්පිටියේ ගයන්ත

October 20, 2019 at 10:59 am | by emanisalk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබන බව එජාපය විසින් පවත්වන ලද සියලු ජනමත සමීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බෙන්තර ඇල්පිටිය එජාප ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිසි දිනෙක ඉටුකළ නොහැකි මැතිවරණ පොරොන්දු ලබා නොදෙන අතර ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කෙරෙහි ජනතාව ආකර්ෂණය වී සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

දිවයිනේ සිටින එජාප ආසන සංවිධායකවරුන් පසුගිය සිකුරාදා (18) කොළඹට කැඳවා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් විසින් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය සඳහා සැලසුම් සහගතව ක්‍රියා කරන ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් ලබා දුන්නේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස